ලොරියක් පෙරළී 4ක් මරුට

Tuesday, 10 February 2015 - 7:24

%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%93+4%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
මැදවච්චිය - ඇහැලගහ වංගුව ප්‍රදේශයේදී ඊයේ (09) සිදුවූ අනතුරකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 14 දෙනෙකු තුවාල ලැබුවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ලොරි රථයක් මෙලෙස අනතුරට ලක්වී ඇති බවයි.

මේ අතර, වාද්දුව - බණ්ඩාරගම - කළුතර ප්‍රධාන මාර්ගයේ මොරොන්තුඩුව ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම අනතුරෙන් මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචි යතුරුපැදිකරු සහ පසුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

දුම්මලසූරිය - උඩුබද්දාව ප්‍රදේශයේ දී ඊයේ පස්වරුවේ ලොරි රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් 34 හැවිරිදි යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories