අළුත උපන් බිළිඳා දුම්රිය වැසිකිළි කටෙන් බිමට

Wednesday, 18 February 2015 - 10:21

%E0%B6%85%E0%B7%85%E0%B7%94%E0%B6%AD+%E0%B6%8B%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B7%8F+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%A7%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B6%A7
දුම්රිය වැසිකිළියේ සිටියදී ගැබිනි මවක් ප්‍රසූත කළ බිලිඳා වැසිකිළි කුහරය හරහා දුම්රිය පීලි මතට වැටීමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

නමුත් බිලිඳාගේ ජීවිතයට කිසිදු අනතුරක් නොමැති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

රාජස්ථානයේ දුම්රියක සිටි ඉහත කී මව දරු ප්‍රසූතියත් සමග සිහිසුන් වී සිටි බවයි අනාවරණය වන්නේ.



නවතා තිබූ දුම්රිය අසල, ගබඩාවක සිටි සේවකයකු දරුවකු හඬන බව ඇසී ඒ බව දුම්රිය බලධාරීන්ට දැන්වීමෙන් පසු අලුත උපන් බිලිඳා සොයා ගෙන තිබෙනවා.

පසුව ප්‍රථමාධාර ලබා දීම සඳහා බිලිඳා ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

බොහෝ ඉන්දීය දුම්රිය මැදිරි තුළ වන වැසිකිළි කුහර දුම්රිය පීලි දෙසට සෘජු ලෙස විවෘතව තිබෙන අතර මීට පෙරත් මෙවැනි සිදුවීම් ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories