හිටපු නාවික හමුදා ප්‍රකාශකගෙන් CID ප්‍රශ්න කරයි

Sunday, 01 March 2015 - 8:27

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+CID+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
හිටපු නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඞී.කේ.පී. දසනායකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රශ්න කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ 2008 - 2009 වසරවලදී කොළඹදී සහ ත්‍රිකුණාමලයේදී දෙමළ සහ මුස්ලිම් තරුණයින් පිරිසක් අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදා ප්‍රකාශකවරයාගෙන් මෙලෙස ප්‍රකාශයක් ලබාගත් බවයි. පැය 5 ක පමණ කාලයක් හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඞී.කේ.පී. දසනායකගෙන් ප්‍රශ්න කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කළා.

2008 - 2009 වසරවලදී කොළඹ සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල දෙමළ සහ මුස්ලිම් තරුණයන් 11 දෙනෙකු පමණ අතුරුදන්වීමේ සිද්ධීන් වාර්තාවුණා. මෙම සිද්ධීන් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කළ අතර එහිදී අනාවරණ වී ඇත්තේ එවකට නාවික හමුදාවේ නිලධාරීන් පිරිසක්ද මෙම අතුරුදන්වීමට සබඳතාවක් ඇති බවටයි. එම කාලසීමාව තුළ නාවික හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළ වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩගේ උපදෙස් මත විශේෂ බුද්ධි ඒකකයක් පිහිටුවා ඇත්තේ කපිතාන් ඞී.කේ.පී. දසනායකගේ ප්‍රධානත්වයෙන්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණවලදී එම බුද්ධි ඒකකය ඉහත අතුරුදන්වීම්වලට සම්බන්ධ බවට සාධක ලැබී තිබෙනවා. ඒ අනුව හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඞී.කේ.පී. දසනායකගෙන් මෙලෙස ප්‍රශ්න කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories