සියෙරාලියෝන් උප ජනාධිපතිට එබෝලා

Sunday, 01 March 2015 - 11:23

%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%91%E0%B6%B6%E0%B7%9D%E0%B6%BD%E0%B7%8F
තම පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු එබෝලා වෛරස් රෝගයෙන් මියයාම හේතුවෙන් සියෙරාලියෝන් උප ජනාධිපති සැමුවෙල් සෑම් සුමානා හුදෙකලාවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ආරක්ෂිත පියවරක් ලෙස දින 21 ක් යනතුරු කිසිදු පුද්ගලයෙකු මුණ නොගැසීමටයි ඔහු තීරණය කර ඇත්තේ. බටහිර අප්‍රිකාව කේන්ද්‍ර කොටගෙන පැතිර ගිය එබෝලා වෛරසයට ගොදුරු වූ සියෙරාලියෝන් රාජ්‍යයේ එම රෝගීන් සංඛ්‍යාව පසුගිය වසරේ පහත වැටුණද දැන් නැවතත් නව රෝගීන් වාර්තාවීමක් දක්නට ලැබෙනවා. එබෝලා වෛරසයෙන් මේ වනවිට පුද්ගලයන් දසදහසකට ආසන්න පිරිසක් මියගොස් ඇති අතර,  3490 ක් සියෙරාලියෝන් වාසීන්.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories