හදවත් රෝග වලට කෝපි බොන්න

Tuesday, 03 March 2015 - 11:03

%E0%B7%84%E0%B6%AF%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C+%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B7%92+%E0%B6%B6%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
හදවත් රෝගවලට හේතු වන රුධිර නාල අවහිරවීම වළක්වා ගැනීම සඳහා දිනකට කෝපි කෝප්ප කිහිපයක් පානය කිරීම යෝග්‍ය බව කොරියානු පර්යේෂකයින් පිරිසක් පෙන්වා දෙනවා. සේවා ස්ථානවල පිරිමින් සහ කාන්තාවන් 25,000ක් උපයෝගී කරගෙනයි එම පර්යේෂණය සිදුකර ඇත්තේ. එහිදී හෙළි වී ඇති කරුණක් වන්නේ දිනකට කෝපි කෝප්ප 3ත්, 5ත් අතර පානය කරන පුද්ගලයන්ට අඩු වයස් සීමාවන්හිදී හදවත් රෝග වැළදීමේ අවදානම අවම බවයි. කෙසේ නමුත්, කෝපි සහ ශාරීරික සෞඛ්‍යය අතර සම්බන්ධය වෛද්‍යවරුන් අතර මතභේදයට ලක්වූ කරුණක්. කෝපි මගින් කොලෙස්ටරෝල් සහ රුධිර පීඩනය වැඩි වන බව ඇතැම් වෛද්‍ය විශේෂඥයන් පවසන අතර තවත් පිරිසකගේ අදහස වී ඇත්තේ එය හදවත් පෝෂකයක් බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories