නැගෙනහිර පළාත් සභාවේ අමාත්‍යවරුන් 4 දෙනෙකු දිවුරුම් දෙයි

Tuesday, 03 March 2015 - 14:37

%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+4+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නැගෙනහිර පළාත් සභාවේ අමාත්‍යවරුන් 4 දෙනෙකු අද (03) දහවල් ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා. ඊට දෙමළ ජාතික සන්ධානයේ අමාත්‍යවරුන් දෙදෙනෙකු,  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එක් අමාත්‍යවරයෙකු සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරයෙකු  ඊට ඇතුළත්. දෙමළ ජාතික සන්ධානයේ එස්. තන්ඩායුදපානි අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත්, එම පක්ෂයේ තුරෙයි රාජසිංහම් කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී තිබෙනවා. නැගෙනහිර පළාත් සභාවේ හිටපු සභාපතිනී එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ආරියවතී ගලප්පත්ති මහාමාර්ග සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ. මීට අමතරව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ එම්.අයි. මන්සූර් මන්ත්‍රීවරයායි.  


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories