ජනපති උතුරට

Tuesday, 03 March 2015 - 19:40

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7
ජනතා ගැටළු විසඳීමේදී උතුර සහ දකුණ කියා තමන්ට වෙනසක් නොමැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති උතුර පළාත් සම්බන්ධීකරණ රැස්වීමට අද එක්වෙමින්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනපති ධුරයට පත්වීමෙන් පසු උතුරේ සිදුකළ පළමු සංචාරය මෙයයි. පළාත් සම්බන්ධීකරණ රැස්වීමට පැමිණි ජනාධිපතිවරයා පිළිගත්තේ උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් විසින්.

දීර්ඝ කාලයක් පුරා අසාධාරණයට ලක්වූ උතුර, නැගෙනහිර පළාත්වල ජනතාවගේ සුබසාධනය උදෙසා රජය විශේෂ අවධානයක් යොමුකරන බවයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories