සිව් වසරකට පසු චීනය සහ ජපානය සාකච්ඡාවකට සැරසේ

Thursday, 05 March 2015 - 20:26

%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA++%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
දේශසීමා සම්බන්ධයෙන් අර්බුදයක සිටින චීනය සහ ජපානය වසර 4 කට පසු පළමුවරට ආරක්ෂක සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡාව මේ මස 19 වැනිදා ජපානයේ ටෝකියෝ නුවරදී දෙරටෙහි ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. නැගෙනහිර චීන මුහුදේ ඇති දූපත් සම්බන්ධයෙන් දෙරටම අයිතිය ප්‍රකාශ කිරීමත් සමග මේ වනවිට දේශපාලනික අර්බුදයක්ද මතුව තිබෙනවා. මීට පෙර දෙරට අතර මෙවැනි සාකච්ඡාවක් පවත්වා ඇත්තේ 2011 වසරේ ජනවාරි මාසයේදියි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories