ඉන්දු - ශ්‍රී ලංකා ධීවර සාකච්ඡා කල් දමන ලෙස ඉල්ලීමක්

Friday, 06 March 2015 - 12:52

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B6%B8%E0%B6%B1+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
තුන්වන වටයේ ඉන්දු - ශ්‍රී ලංකා ධීවර සාකච්ඡා කල් දමන ලෙස ඉන්දීය පාර්ශවයෙන් ඉල්ලීමක් ඉදිරිපත් වී තිබෙනවා. එම සාකච්ඡා මාර්තු 12 වැනිදා චෙන්නායිහිදී පැවැත්වීමටයි ශ්‍රී ලංකාව යෝජනා කර තිබුණේ. එහෙත්, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ එදින එම සාකච්ඡා පැවැත්වීම දුෂ්කර බැවින් නව දිනයක් පිළිබඳ අවධානය යොමුකරන බවයි.

ඉන්දු - ශ්‍රී ලංකා ප්‍රථම සහ දෙවන වටයේ සාකච්ඡා තමිල්නාඩුවේ චෙන්නායි නුවරදී සහ කොළඹදී පසුගිය වසරේ ජනවාරි 27 වැනිදා සහ මැයි 12 වැනිදා පැවැත්වුණා. තුන්වන වටයේ සාකච්ඡා මාර්තු 15 වැනිදායින් පසු දිනකදී පැවැත්විය හැකි බව ද තමිල්නාඩු ධීවර ලේකම් එස්.විජයකුමාර් මධ්‍යම රජයට දැනුම්දී තිබෙනවා.

ඉන්දු - ශ්‍රී ලංකා තුන්වන වටයේ ධීවර සාකච්ඡා මාර්තු 5 වැනිදා පැවැත්වීමට තමිල්නාඩු රජය මුලින් යෝජනා කළා. එහෙත්, එය නව රජයේ දින 100 වැඩපිළිවෙලින් ඔබ්බට රැගෙන යාමට ලක් රජය යෝජනා කරනු ලැබුවා. කෙසේ නමුත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර ඉන්දු - ශ්‍රී ලංකා ධීවර සාකච්ඡා පැවැත්විය යුතු බව ඉන්දියාව පසුව යෝජනා කර තිබෙනවා. ඒ අනුවයි, මාර්තු 12 වැනිදා දිනය මෙරට පාර්ශවයෙන් යෝජනා කර ඇත්තේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මාර්තු 13 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන අතර, ඉන්දීය විදේශ කටයුතු ඇමතිනි සුෂ්මා ස්වරාජ් අද මෙහි පැමිණීමට නියමිතයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories