Update:ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් දිවයිනට

Friday, 06 March 2015 - 17:03

Update%3A%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%93+%E0%B7%83%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් දෙදින නිළ සංචාරයක් සඳහා අද (06) පස්වරුවේ දිවයින පැමිණියා. එළඹෙන 13 වන දා ආරම්භ කෙරෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයට අවශ්‍ය පසුබිම සකස් කිරීම ඇගේ මෙම සංචාරයේ අරමුණයි.

ඉන්දීය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් එරට ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණි අතර ඇයව පිළිගනු ලැබුවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා විසින්.                        

ඉන්දීය විදේශ අමාත්‍යවරිය අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුණ ගැසීමට නියමිත අතර, අනතුරුව ඇය විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර විසින් සංවිධානය කරන රාත්‍රී භෝජන සංග්‍රහයකට ද එක්වනවා. එසේම ඉන්දීය විදේශ අමාත්‍යවරිය හෙට දිනයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු රජයේ නියෝජිතයින් කිහිප දෙනෙකු ද මුණ ගැසෙනු ඇති.  



Update: Friday, 06 March 2015 - 07:09 PM
..............................................................

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් දෙදින නිළ සංචාරයක් සඳහා මීට ටික වේලාවකට පෙර දිවයින පැමිණියා. එළඹෙන 13 වන දා ආරම්භ කෙරෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයට අවශ්‍ය පසුබිම සකස් කිරීම ඇගේ මෙම සංචාරයේ අරමුණයි. ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකින් ඇය කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළට ළඟා වූ බව හිරු ගුවන් තොටුපළ වාර්තාකරු ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories