ඉන්දීය යුද නෞකා පෙළක් ශ්‍රී ලංකාවට

Friday, 27 March 2015 - 13:01

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B6%9A%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකා 4 ක් අද (27) ත්‍රිකුණාමලයට වරායට පැමිණෙනවා. යුධ නෞකා වන ටීර් සහ කේසරී, වරුණ වෙරළාරක්ෂක යාත්‍රාව සහ සුදර්ශිනී පුහුණු යාත්‍රාව මෙලෙස ත්‍රිකුණාමල වරායේ මාර්තු 29 වනදා තෙක් රැදී සිටිනු ඇති. ඉන්දීය නාවික යාත්‍රා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ පුහුණු අභ්‍යාසයක් සඳහායි. ත්‍රිකුණාමල වරායේදී එම නෞකා වෘත්තීයමය, පුහුණු, සංස්කෘතික සහ ක්‍රීඩා අංශවලින් ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්වන බව ද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළා. ඉන්දීය නාවික හමුදාවේ පුහුණු බලඇණියක් මීට පෙර ශ්‍රී ලංකාවේ සංචාරය කළේ 2013 වසරේ අප්‍රේල් මාසයේදීයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories