මාලක රාත්‍රි සමාජ ශාලා ගිහින් හමාරයි

Friday, 27 March 2015 - 15:16

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2+%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
රාත්‍රී සමාජ ශාලාවලට යාමට තහනම් කරමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට පනවා තිබූ තහනම ඉවත් කරන ලෙස ඔහු විසින් ඉදිරිපත් කළ ඉල්ලීම අද (27) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා. ඒ, කොළඹ රාත්‍රි සමාජ ශාලාවකදී බ්‍රිතාන්‍ය ජාතික යුවළකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදියි. පසුගිය 24 වන දා නඩුව විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණය මාලක සිල්වා වෙත නියෝග කළේ රාත්‍රි සමාජ ශාලාවලට යාම තහනම් කිරීම ඇතුළු ඇප කොන්දේසි කිහිපයක් දිවුරුම් ප්‍රකාශයක් මගින් සිදුකරන ලෙසයි. ඒ අනුව ඉදිරිපත් කර තිබූ මහජනයා ගැවසෙන තැන්වල කලහකාරී ලෙස හැසිරීම වළක්වාලමින්  නිකුත් කර තිබූ කොන්දේසිය ඉවත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පෙරේරා නියෝග කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories