රිලවු දෙන්නෙක් පාසල් දැරියකට කරපු දෙයක්

Friday, 27 March 2015 - 15:48

%E0%B6%BB%E0%B7%92%E0%B6%BD%E0%B7%80%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B4%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
හැටන් නගරයේ මහජන වෙළඳපොල අසලදී අද (27.03) පස්වරු 1 ට පමණ පාසැල් දැරියක්ව රිලවෙකු විසින් සපාකෑමේ සිද්ධියක් සම්න්ධයෙන් නයි නටවන්නන් දෙදෙනෙකු සහ ඔවුන් භාරයේ සිටි රිලවුන් දෙදෙනෙක්(2) නයි සතර දෙනෙක් (4) හැටන් පොලීිසිය මගින් අද (27.03) දහවල් අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම නයි නටවන්නන් දෙදෙනා ඊයේ (26.03) සිට හැටන් මහජන වෙළඳපොල භූමියේ නයි නැටවීම සිදුකරන අතරතුර ඒ අසලින් ගමන් ගත් අයෙකුව රිලවෙකු විසින් සපාකෑ බවත් අද (27.03) දිනයේත් හැටන් මහජන වෙළඳපොලට පැමිණි පාසැල් දැරියක්ව එම නයි නටවන්නා භාරයේ සිටි රිලවෙකු විසින් සපාකෑමත් සමගම හැටන් මහජන වෙළඳපොල අසල නොසන්සුන්කාරි තත්වයක්ද ඇතිවුනා. පසුව හැටන් පොලීසියට කළ දැණුම් දීමකින් පසුව නයි නටවන්නන් දෙදෙනා සහ ඔවුන් භාරයේ සිටි රිලවු ඇතුලු නයින්ද පොලිස් භාරයට ගැණුනා. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි හැටන් පොලීසිය පවසන්නේ. රිලවා සපාකෑමෙන් තුවාල ලැබූ එකළොස් (11) හැවිරිදි පාසැල් දැරිය හැටන් වත්තේ පදිංචි එස්.කලෙයිචෙල්වි නැමති පාසැල් ශිෂ්‍යාවක් බවත් ඇයව දික්ඔය මූලික රෝහලට ඇතුලත් කරන බවත් හැටන් පොලීසිය පවසනවා.





















ඡායාරූප - රංජිත් රාජපක්ෂ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories