උප සභාපති තවමත් හැංගිලා

Sunday, 29 March 2015 - 12:13

%E0%B6%8B%E0%B6%B4+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8F
ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ උප සභාපති රාහුල් ගාන්ධි නුදුරේදීම පාක්ෂිකයන් හමුවට පැමිණෙන බව ඔහුගේ මව වන කොංග්‍රස් නායිකා සෝනියා ගාන්ධි ප්‍රකාශ කළා. ගාන්ධිවරුන්ගේ බලකොටුව වන උතුරු ඉන්දියාවේ රාබෙරලි සහ අමේති ආසනවල සංචාරයක නිරතවෙමින් ඇය මේ බව ප්‍රකාශ කර තිබෙනවා. රාහුල් ගාන්ධි මේ දිනවල පාර්ලිමේන්තුවෙන් නිවාඩු ගෙන සිටින අතර පාක්ෂිකයන් හමුවීමටද ගොස් නැහැ. මේ නිසා රාහුල්ගේ පැමිණිම අපේක්ෂාවෙන් සිටි පාක්ෂිකයන් වෙතයි සෝනියා ගාන්ධි මෙම කරුණු දැක්වීම සිදුකර ඇත්තේ. පසුගිය ඉන්දීය මහ මැතිවරණයේදී කොංග්‍රස් පක්ෂයට දරුණු පරාජයක් අත්වීම පිළිබඳව චෝදනා එල්ලවී ඇත්තේ ද ප්‍රචාරක ව්‍යාපාරය මෙහෙයවූ රාහුල් ගාන්ධිටයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories