යේමනයේ යුද ගැටුම්වලට මැදිවූ ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමට පියවර

Sunday, 29 March 2015 - 15:20

%E0%B6%BA%E0%B7%9A%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%96+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB
යේමනයේ යුද ගැටුම්වලට මැදිවී සිටින ශ්‍රී ලාංකිකයින් කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ යේමනයේ පවතින ගැටුම් හේතුවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 120 දෙනෙකු සානා අගනුවර රැඳී සිටින බවයි. ජගත් සංවිධානයේ මැදිහත්වීමෙන් හෝ ඉන්දීය නෞකා උපයෝගී කරගනිමින් මෙම පිරිස දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories