මැයි දිනය එජාපයට එරෙහි ජනතා දිනයක් කරනවා

Tuesday, 31 March 2015 - 8:31

%E0%B6%B8%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F
එළඹෙන මැයි දිනය එක්සත් ජාතික පක්ෂයට විරෝධය පළ කරන ජනතා දිනයක් බවට පත් කර ගත යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයට අනුබද්ධ ලංකා සම සමාජ පක්ෂය පවසනවා. එළඹෙන මැයි දිනය පිළිබද සාකච්ඡා කිරීමට කොළඹ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී ඊයේ (30) පැවති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ වුණා. ඒ සඳහා වෘත්තීය සමිති කිහිපයක් මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන සහ මහාචාර්ය තිස්ස විතාරණ ද එක්ව සිටියා. එහිදී මාධ්‍ය වෙත කරුණු දැක්වූ හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ කියා සිටියේ වර්තමානයේ පවතින්නේ මුළුමනින්ම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories