විකෘති චිත්‍රපටයක් නිපද වූ පුද්ගලයාට රට පනින්න බෑ

Tuesday, 31 March 2015 - 9:31

%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%92+%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B6%A7%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%B4%E0%B6%AF+%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B6%E0%B7%91
මෙරට ආරක්ෂක අංශවලට අපහාස වන අයුරින් චිත්‍රපටයක් නිපද වූයේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු කොළඹ - වැල්ලවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුට රටින් පිටවීම වළක්වාලමින් අධිකරණය ඊයේ නියෝගයක් නිකුත් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ අධිකරණය වෙත පොලීසිය ඊයේ සිදුකළ කරුණු වාර්තාකිරීමට අනුව මෙම නියෝගය නිකුත් කළ බවයි. මීට අමතරව චිත්‍රපටය නිෂ්පාදනයට යොදා ගත් පරිගණක යන්ත්‍ර කිහිපයක් තාක්ෂණික විශ්ලේෂණයක් සඳහා මොරටුව විශ්වවිද්‍යාලයට යොමු කර තිබෙනවා. බොරැල්ල පොලීසියට ලැබුණු තොරතුරකට අනුව මීට දින කිහිපයකට පෙර තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි ස්ථානයක් වටලනු ලැබුවා. එහිදී චිත්‍රපටයක් සංස්කරණය කරමින් සිටි පුද්ගලයන් 9 දෙනෙකු පොලිස් භාරයට ගත් අතර පසුව විකෘති චිත්‍රපටයක් නිපදවීමේ චෝදනා තහවුරු කිරීමට නොහැකිවීම හේතුවෙන් ඔවුන් මුදා හැරීමට පොලීසිය කටයුතු කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories