ඉරාන න්‍යෂ්ටික සාකච්ඡාවල තීරණාත්මක අවසන් දිනය අදයි

Tuesday, 31 March 2015 - 13:19

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%82%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
ඉරානයේ මතභේදකාරී න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ ලූසෝන් නුවර පැවැත්වෙන සාකච්ඡාවල අවසන් දිනය අදයි. මෙහිදී ඉරානය මහබලවතුන් සමඟ සාකච්ඡාවල නිරත වන අතර ඉරාන විදේශ අමාත්‍ය ජාවඞ් සරිෆ් සහ යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී ෆ්‍රෙඞ්රිකා මොගෙරිනි ද ඊට එක්ව සිටිනවා. ඉරානය සමඟ න්‍යෂ්ටික සාකච්ඡාවලට එක්ව සිටින මහබලවතුන් වන්නේ ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ප්‍රන්ශය, චීනය සහ ජර්මනියයි. අවසන් සාකච්ඡාවලදී මෙතෙක් කැපී පෙනෙන ප්‍රගතියක් අත් කරගෙන නැතත් පාර්ශවයන් අතර පරතරය අවම වී ඇති බව චීන විදේශ අමාත්‍ය වෑන් - යි ප්‍රකාශ කළා. න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම සඳහා හැකියාව ඉරානය අත්හල යුතු බව මහබලවතුන් මෙහිදී කියා සිටින අතර, ඉරානය පවසන්නේ ඒ සඳහා තමන්ට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කළ යුතු බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories