Update : හිටපු ගුවන් හමුදාපතිට වැඩ වරදීන ලකුණු

Wednesday, 01 April 2015 - 10:34

Update+%3A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් හිටපු ගුවන් හමුදාපතිවරයෙකු වන එයාර් චීෆ් මාර්ෂල් ඩොනල්ඞ් පෙරේරාගෙන් මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාසය මේ වනවිට ප්‍රශ්න කරමින් පවතිනවා. මෙම මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් හිටපු ගුවන් හමුදාපතිවරයෙකු මෙන්ම හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක ගෙන්ද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පසුගිය 27 වැනිදා ප්‍රකාශයක් ලබා ගත්තා.

මෙම මිග් යානා ගණුදෙනුව සිදුව තිබුණේ 2006 වසරේදීයි. එයාර් චීෆ් මාර්ෂල් ඩොනල්ඞ් පෙරේරා 2002 වසරේ සිට 2006 වසරේ මැද භාගය දක්වා ගුවන් හමුදාපතිවරයා ලෙස කටයුතු කළා. එසේම 2006 වසරේ සිට 2009 වසර දක්වා ඔහු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලෙසයි කටයුතු කරනු ලැබුවේ. 2006 වසරේ මැද ගුවන් හමුදාපතිවරයා ලෙස පත්වන එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක 2011 වසර දක්වා එම ධුරයේ කටයුතු කළා. ඉන් පසුවයි ඔහු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට පත්වුණේ.

Update : Wednesday, 01 April 2015 - 12:39



---------------------------------------------
හිටපු හමුදාපතිට වැඩ වරදීන ලකුණු

මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් හිටපු ගුවන් හමුදාපතිවරයෙකු වන එයාර් චීෆ් මාර්ෂල් ඩොනල්ඞ් පෙරේරාගෙන් මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශය මේ වනවිට ප්‍රශ්න කරමින් පවතිනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මේ බව ප්‍රකාශ කළා. 2006 වසරේදී සිදුවූ මෙම මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් හිටපු ගුවන් හමුදාපතිවරයෙකු මෙන්ම හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක ගෙන්ද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පසුගිය 27 වැනිදා ප්‍රකාශයක් ලබා ගත්තා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories