දිසා විනිසුරුවරියගේ පසුම්බිය සොරාගත් සැකකරු අත්අඩංගුවට

Wednesday, 01 April 2015 - 15:31

%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මාතර දිසා විනිසුරුවරියගේ නිල මැදිරියට ඇතුල්වී ඇගේ අත්බෑගයේ තිබූ මුදල් පසුම්බිය සොරාගත් සැකකරු වැලිගම පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාතලේ - ගොමිල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු වන මොහු තවත් කොල්ලකෑම්  ගණනාවකට සම්බන්ධ බවට මූලික පරීක්ෂණවලින් අනාවරණ වී ඇති බවයි වැලිගම පොලීසිය සඳහන් කළේ. මෙම පුද්ගලයා මහේස්ත්‍රාත්වරියගේ  ක්‍රෙඩිට් කාඞ්පත උපයෝගී කරගෙන රුපියල් 65000 ක් වටිනා රන් ආභරණ සහ ආහාර ද්‍රව්‍ය මිලදීගෙන තිබෙනවා. සැකකරු හෙට (02) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories