Update: බිරිඳ ස්වාමියා ඝාතනය කර ඇත්තේ අලවංගුවකින් පහර දීමෙන්!

Friday, 24 April 2015 - 9:13

Update%3A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%80%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%21
දඹුල්ල කණ්ඩලම ලේනවල ගම්මානයේ පුද්ගලයෙකු  බිරිඳ විසින්  ඝාතනය කර ඇත්තේ අලවංගුවකින් පහර දී බව පොලිසිය පවසයි. සැමියා කුස්සියේ බූරු ඇඳක නිදා සිටියදී පහරදීම සිදුව ඇතැයි පොලිසිය කියයි.

අද (24) පෙරවරුවේ  ඝාතනයට ලක්වූයේ  42 හැවිරිදි  ජි .ජි .විජේසිංහ යන අයයි. ඔහු දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ පවුල් ආරවුලක් ඊට හේතුව බවයි.

සැකකාර කාන්තාවගේ  මව සහ නැගණිය ද  සිද්ධිය වන අවස්ථාවේ නිවසේ සිට ඇත.

සැකකාර බිරිඳ සීගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත්  අතර පරීක්ෂණ ක්‍රියාත්මකය.










(ඡායාරූප කාංචන කුමාර ආරියදාස)

Update : Friday, 24 April 2015 - 10:33
----------------------------------------------
බිරිඳගේ තියුණු ආයුධ පහරින්  ස්වාමිපුරුෂයෙක් මරුට !

සීගිරිය - ලේනවල ගම්මානයේ නිවසක පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. අද (24) පෙරවරුවේ මෙලෙස ඝාතනයට ලක්වූයේ එම ප්‍රදේශයේම පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක්. හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ බිරිඳ විසින් සිදුකළ පහරදීමකින්  පුද්ගලයා ජීවිතක්ෂයට පත්වී ඇති බවට ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරන බවයි. කෙසේ නමුත්, ඝාතනයට හේතුව සහ එය සිදුකළේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories