වැස්ස අස්සේ යතුරුපැදිකරුවෙකුට දිවි අහිමි වෙයි

Friday, 24 April 2015 - 21:26

%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කඩවත - මහර හන්දිය ආසන්නයේදී මීට ටික වේලාවකට පෙර සිදුවූ අනතුරකින් යතුරුපැදියක ගමන් කළ තරුණයෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඔහුගේ යතුරුපැදිය පෞද්ගලික බස් රථයක ගැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ. තරුණයා සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය වන හිස් වැස්මක් පැළද සිටියත් බස් රථය ඔහුව යටකරගෙන ගොස් නැවතී ඇති බව එම ස්ථානයේ සිටි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා. එම අවස්ථාවේ කඩවත ප්‍රදේශයට අධික වැසි තත්ත්වයක් ද පැවතුණා.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories