නේපාලයේ පොළොව ආයෙත් දෙදරයි

Sunday, 26 April 2015 - 14:11

%E0%B6%B1%E0%B7%9A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B7%80+%E0%B6%86%E0%B6%BA%E0%B7%99%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
නේපාලයේ - කත්මන්ඩු අගනුවර ආසන්නයේ දකුණුදිග කෝදාරි ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 6.7ක අගයක් ගත් පසු කම්පනයක් සිදුව තිබෙනවා. පසු කම්පන තත්ත්වයෙන් ඇතිවූ බලපෑම් පිළිබඳව මෙතෙක් වාර්තා නොමැති බවයි විදෙස් වාර්තා සඳහන්කළේ.

ඊයේ (25) සිදුවූ භූ කම්පනයත් සමඟ මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා. කත්මන්ඩු අගනුවරින් පිට පළාත්වලට භූ කම්පනයෙන් සිදුවූ හානි සම්බන්ධයෙන් මෙතෙක් සංඛ්‍යාලේඛන ලැබී නැහැ.

විදෙස් වාර්තා තවදුරටත් සඳහන් කළේ එම පළාත්වල සියයට 80 ක් පමණ නිවාස භූ කම්පනයෙන් විනාශ වී ඇති බවයි. එම ප්‍රදේශවල මියගිය හෝ තුවාල ලැබූ පුද්ගලයන් සම්බන්ධයෙන්ද සංඛ්‍යාලේඛණ  නේපාල රජය වෙත ලැබී නැහැ. මේ නිසා මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

නේපාලයට බලපෑ භූ කම්පනයෙන් සිදු වූ විනාශය පිළිබඳව එක් වීඩියෝවක්







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories