අරලියගහ මැදුරේ ආරක්ෂකයෙකු බව පවසා මිනිස්සු බය කරලා

Monday, 27 April 2015 - 11:26

%E0%B6%85%E0%B6%BB%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%84+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B4%E0%B7%80%E0%B7%83%E0%B7%8F+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%94+%E0%B6%B6%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F
පුත්තලම ප්‍රදේශයේ පසුගිය කාලය තුළ සිදුවූ බව කියන සොරකම් රැසක් සිදු කළ බව කියනට යුධ හමුදාවෙන් පලා විත් සිටි සෙබළෙකු සහ තවත් අයෙකුව පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කාලයක් යුධ හමුදාවේ අඹේපුස්ස කඳවුරට අනියුක්තව මෙම ප්‍රධාන සැකකරු රාජකාරි කටයුතු සිදු කර ඇත.පසුව යුධ හමුදා සේවයෙන් පලාවිත් ඇති සැකකරු තම සේවා හැඳුණුම්පත උපයෝගී කරගෙන තව දුරටත් ශක්‍රීය සේවයේ නිරත වන බව හඟවමින් ප්‍රදේශයේ ජනතාව බිය ගන්වා ගෙන සිට ඇති බවද පොලීසිය කියයි.එම කාලය තුළ තමන් අරලිය ගහ මැදුරේ ප්‍රභූ ආරක්ෂක ‍රාජකාරියේ නිරත වන බව පවසා තිබී ඇත.

සැකකරුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව නවීන පන්නයේ මෝටර් රථයක්ද තිබී ඇත.එම මෝටර් රථය කුරුණෑගල ප්‍රදේශයේ හිමිනමකට අයත් එකක් බව පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත.ඇතැම් විට මෙම මෝටර් රථය උපයෝගී කරගෙන සැකකරු කිසියම් කොල්ලයක් සැළසුම් කරමින් සිටියා විය හැකි බව පොලීසිය කියයි.

සැකකරුවන් විසින් ප්‍රදේශයේ ස්ථාන කීපයක කොල්ලකෑම් සිදු කළ බව දැනට කරන ලද ප්‍රශ්ණ කිරීම් වලදී පොලීසිය විසින් හෙලි කරගෙන ඇත.එම ව්‍යාපාරික ස්ථාන වල සවි කර තිබෙන සී.සී.ටී.වී. කැමරා වල රූප සටහන් උපයෝගී කරගෙන ඉදිරි පරීක්ෂණ සිදු කරන බව පොලීසිය කියයි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කෙරේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories