නලා පිඹපු ළමයෙක්ට පොලිසිය කනට ගහලා

Wednesday, 06 May 2015 - 9:12

%E0%B6%B1%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%B9%E0%B6%B4%E0%B7%94+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B6%B1%E0%B6%A7+%E0%B6%9C%E0%B7%84%E0%B6%BD%E0%B7%8F
සම්බුදු තෙමගුල සිහිපත් කරන වෙසක් සමයේදී ඇතැමුන් එය අර්ථවත් ලෙස සමරන්නේ ද ?

එවැනි ගැටලුවක් මතුවන්නේ වෙසක් සිරි නැරඹීමට පාරට බසින ඇතැමුන් අනෙකාට හිරිහැර වන ලෙස සිදුකරන හැසිරීමේ හේතුවෙන්.
වෙසක් සිරි නැරඹීමට දහස් ගණන් ජනයා මේ දිනවල නගර වෙත ඇදී එනවා.

කොළඹ ඇතුලු දිවයිනේ ප්‍රධාන නගර පිරීයන්නේ තොරණ, වෙසක් කූඩු ඇතුලු විවිධ වෙසක් සැරසිලි නැරඹීම සදහා පැමිණෙන ජනතාවගෙන්.  
මගී ප්‍රවාහන සේවාවලට අමතරව තවත් පිරිසක් මෝටර් රථ, ලොරි, ට්‍රැක්ටර් යතුරු පැදි වැනි ප්‍රවාහන මාධ්‍යයන්ද මෙහිදී උපයෝගී කර ගන්නවා.

මෙසේ එන ඇතැම් පුද්ගලයින් විවිධ ශබ්ද නගන උපකරණ භාවිත කරන්නේ තවත් පිරිසකට හිරිහැර වන ආකාරයෙන්.
එවැනි ක්‍රියාවල නිරත නොවන ලෙස වෙසක් සමය ආරම්භයේදීම පොලිසිය ජනතාව දැනුවත් කර තිබුණා.  

කෙසේ වෙතත් එම අවවාද නොතකා එලෙස හැසිරුණු ළමයින් කණ්ඩායමක් පසුගියදා ග්රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පොලිසියට හසුවුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories