බඳින තුවක්කුවක් දැරිය නවත්වයි

Sunday, 24 May 2015 - 12:14

%E0%B6%B6%E0%B6%B3%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92
බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතල තුවාල ලැබූ 17 හැවිරිදි දැරියක් හලාවත දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබෙනවා. රස්නායකපුර පොලීසිය සඳහන් කළේ  තුවාල ලබා ඇත්තේ රස්නායකපුර - කඩිගාව ප්‍රදේශයේ පදිංචි දැරියක බවයි. මෙම දැරිය ඊයේ (23) වෙළඳසැලට ගොස් භාණ්ඩ මිලදී ගෙන නැවත නිවසට පැමිණෙමින් සිටින අතරතුර සතුන්ට ඇටවූ බඳින තුවක්කුව පත්තුවී ඇයට වෙඩි වැදී තිබෙනවා. වෙඩි වැදීමෙන් ඇයගේ පාදයකට හානි සිදුව ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories