Update: සන්ධාන නායකයන් හිටපු ජනපති හමුවෙයි

Wednesday, 27 May 2015 - 7:50

Update%3A+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කොළඹ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ සන්ධානයේ නායකයින්  අද හිටපු ජනාධිපතිවරයා හමුවීමට නියමිත බවයි.
 
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයින් සහ  වත්මන් ජනාධිපතිවරයා අතර හමුවක් ඊයේ පස්වරුවේ පැවැත්වුණා. ඒ, සන්ධානය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සහ මැතිවරණ ක්‍රම සංශෝධනය පිළිබඳවයි. එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානය පුළුල් පෙරමුණක් ලෙස ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වීම පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡා  කළ බව ඊට එක්වූ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මීට අමතරව විසිවන ව්‍යවස්ථා සංශෝධනය කඩිනමින් පාර්ලිමේන්තුවේදී සංශෝධනය කරගැනීම සහ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංගය සම්බන්ධයෙන්ද සාකච්ඡා සිදුකර තිබෙනවා. එහිදී විසිවන සංශෝධනය සම්මත කිරීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හරින බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව වැඩිදුරටත් අදහස් දක්වමින්  වාසුදේව නානායක්කාර සඳහන් කළා.



Update : Thursday, 28 May 2015 - 07:54
------------------------------------------------
 
20 ගැන අවසන් තීරණය අද

සංශෝධිත නව මැතිවරණය ක්‍රමය ඇතුළත් 20 වන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අද (27) පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී අවසන් තීරණයක් ගැනීමට නියමිතයි. නව මැතිවරණය ක්‍රමය පිළිබඳ අධ්‍යයනය කිරීමට පත් කළ කැබිනට් අනු කමිටුවේ සාමාජික අමාත්‍ය එස්.බී. දිසානායක සදහන් කළේ මේ වන විට සුළු පක්ෂ ද සාධනීය එකඟතාවයක් පෙන්වා ඇති බවයි. ඒ අනුව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට අද ඉදිරිපත් කරන සංශෝධිත නව මැතිවරණ ක්‍රමය ඇතුළත් 20 වන සංශෝධනයට කැබිනට් අනුමැතිය ලැබෙනු ඇති බව අමාත්‍ය එස්.බී. දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළා.

නව මැතිවරණ ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 225 හෝ 255 තෝරා පත් කර ගත යුතු බවට යෝජනා දෙකක් ඉදිරිපත්ව තිබුණා. 20 වන සංශෝධනයට ඇතුළත් විය යුතු යෝජනා සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවලට සිය අදහස් ඉදිරිපත් කිරීමට ද කාලයක් ලබාදුන්නා. ඒ අනුව ඉදිරිපත් කෙරුණු යෝජනා සම්බන්ධයෙන් සලකා බලා සකස් කරන ලද සංශෝධිත 20 වන සංශෝධනය අද අවසන් එකඟතාවයක් සඳහා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇති.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories