මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු මලයාසියාවේ - ක්වාලාලාම්පූර්හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ක්වාලාලාම්පූර් නුවර මත්කුඩු බෙදා හරින මධ්‍යස්ථානයක් වැටලීමේදී මොවුන් අත්අඩංගුවට පත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙහිදී සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් 5 දෙනෙකු මලයාසියානු ජාතිකයන් වන අතර, දෙදෙනකු ශ්‍රී ලාංකික ජාතිකයන්. ඉන් එක් අයෙකු ඉන්දීය ජාතිකයෙක් බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන්. මෙහිදී අත්අඩංගුවට ගත් මත්කුඩු තොගයේ වටිනාකම මලයාසියානු මුදලින් මිලියන 10 කට අධික බව එම මාධ්‍ය වාර්තාවල සඳහන්.
Follow US
Most Viewed Stories