බැසිල්ගෙ ඉල්ලීම ඉවතට නැවත හිරේට

Wednesday, 27 May 2015 - 11:07

%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%9A%E0%B6%A7
දිවිනැගුම දෙපාර්තමේන්තුවේ මූල්‍ය වංචා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු සිව් දෙනාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ අධිකරණය යළිත් වරක් මොවුන් ලබන මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා. ඒ කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික ගනේපොල හමුවේ මෙම නඩුව අද (27) කැඳවූ අවස්ථාවේදීයි. හිටපු ඇමතිවරයාට අමතරව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ආර්.කේ.කේ.ඒ රණවක සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ බන්දුල තිලකසිරි ද මෙලෙස යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

දිවිනැගුම දෙපාර්තමේන්තුවේ පාරිතෝෂිත මුදල් අක්‍රමිකතා, පසුගිය ජනාධිපතිවරණය සඳහා දිවිනැගුම දෙපාර්තමේන්තුවේ මුදල් වැය කිරීම, සමුළුවක් සඳහා රුපියල් මිලියන 70 ක මුදලක් වැය කිරීම ඇතුළු මූල්‍ය අක්‍රමිකතා ගණනාවක් මොවුන්ට විරුද්ධව එල්ල වී ඇති චෝදනායි.

අද දිනයේ දැනට අසනීප තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවක ප්‍රතිකාර ලබන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අධිකරණ භූමියට රැගෙන විත් තිබුණේ ගිලන් රථයකින්. අනෙකුත් සැකකරුවන් තුන්දෙනා බන්ධනාගාර බස් රථයෙන් අධිකරණයට ගෙනවිත් තිබූ බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ වෙතත්, සැකකාර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් සඳහන් කළේ හෙට දිනයේ තම සේවාදායකයා වෙනුවෙන් කොළඹ මහාධිකරණයේ ඇප අයදුම්පතක් ගොනුකරන බවයි.

මේ අතර, තමන් අත්අඩංගුවට ගැනීම තුළින් මූලික අයිතිවාසිකම් කඩවූ බවට පවසා බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ මූලිත අයිතිවාසිකම් පෙත්සම ද අද සලකා බැලෙනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories