නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නව කැඳවුම්කරු සීතා රංජනී

Thursday, 28 May 2015 - 15:14

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%93%E0%B6%AD%E0%B7%8F+%E0%B6%BB%E0%B6%82%E0%B6%A2%E0%B6%B1%E0%B7%93
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නව කැඳවුම්කරු ලෙස සීතා රංජනී පත්කරගෙන තිබෙනවා. පසුගියදා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ශ්‍රවණාගාරයේ පැවති 24 වන වාර්ෂික මහ සභාවේදී මෙම පත්කර ගැනීම සිදුකෙරුණු බවයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසන්නේ. එහිදී නව නිලධාරී මණ්ඩලය හා කමිටු සාමාජිකයින්ද පත් කෙරුණා. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස සී. දොඩාවත්ත, භාණ්ඩාගාරික විරංජන හේරත්, උප ලේකම් ලෙස ආනන්ද ජයසේකර පත්කරගෙන තිබෙනවා. එහි කමිටු සාමාජිකයින් ලෙස ටී.මුසාමිල්, උදය කළුපතිරණ, දිලීෂා අබේසුන්දර, සුජීව සෙනරත්, සිදත් මෙන්ඩිස්, ජයසිරි ජයසේකර, සමන් සී ලියනගේ, දුෂ්‍යන්ත සමරසේන, බී.එම්.මුර්ෂිඞීන් යන අය තෝරාපත් කරගෙන ඇති බව එම ව්‍යාපාරය වැඩිදුරටත් සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories