20 ට මහින්දානන්දගෙන් කොන්දේසි

Thursday, 28 May 2015 - 19:33

20+%E0%B6%A7+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92
20 වන සංශෝධනය සහ පාර්ලිමේන්තු විසුරුවා හැරීම මේ දිනවල එකිනෙකට සම්බන්ධ මාතෘකා දෙකක් බවට පත්ව තිබෙනවා. ඒ පිළිබඳව කොළඹ අද (28) පැවති මාධ්‍ය හමු කිහිපයකදීද අදහස් පළ වුණා.

නව මැතිවරණ ක්‍රමයක් යටතේ ඡන්දය පවත්වනවා නම් පමණක් වන 20 වන සංශෝධනයට සහය දෙන බව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී හිටපු අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ ප්‍රකාශ කළා.  

නමුත්, 20 වන සංශෝධනය සම්බන්ධයෙන් වන ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත ගැටලූ සහගත බවයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.

ජාතික නිදහස් පෙරමුණ ද අද (28) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී අදහස් දැක්වූ එම පෙරමුණේ මධ්‍යම කාරක සභික පියසිරි විජේනායක කියා සිටියේ දැන් යහපාලන ආණ්ඩුවට ගෙදර යාමට කාලය පැමිණ ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories