ඉදිරි මැතිවරණයේදී අත්හදා බැලීමක්

Saturday, 30 May 2015 - 7:50

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඉදිරි මැතිවරණවලදී ආබාධ සහිත හෝ වැඩිහිටි ඡන්දදායකයින්ට ඡන්දපොළට බාධාවකින් තොරව ප්‍රවේශවීම සඳහා අවස්ථාව සලසන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා. කොළඹ ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ එහි එක් පියවරක් ලෙස දෘෂ්‍යාබාධිත පුද්ගලයින් සඳහා බ්‍රේල් ක්‍රමයෙන් ඡන්දපත්‍රිකා හඳුන්වාදීමට පියවර ගන්නා බවයි.

මිලියන 15ක් වන මෙරට ඡන්දදායකයින් අතරින් මිලියනයකට ආසන්න පිරිසක් ආබාධ සහිත හෝ වැඩිහිටි ඡන්දදායකයින් බවයි මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. එසේම මෙරට ක්‍රියාත්මක දේශපාලන පක්ෂවල නිලධාරී මණ්ඩලයේ කාන්තා නියෝජනය අවම වශයෙන් පහෙන් එකක් විය යුතු බවට යෝජනාවක් ද ඉදිරිපත් කර ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය එහිදී කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories