Hirunews Logo
%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%99%E0%B7%80%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%A7%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
Tuesday, 30 June 2015 - 9:09
සියළු ප්‍රධාන සම්මාන මෙවරත් හිරුටමයි
191

Shares
22,949

Views
ලෝක සමාජ මාධ්‍ය දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පැවැති සම්මාන උළෙලේදී සියලූ ප්‍රධාන සම්මාන දිනා ගැනීමට හිරු එෆ්.එම්. සහ හිරු ටී.වී. සමත් වුණා. ඒ අනුව හිරු ප්‍රවෘත්ති, ජනප්‍රියතම ප්‍රවෘත්ති සපයන්නා බවට සම්මානයට පාත්‍ර වද්දී ජනප්‍රියතම ගුවන් විදුලිය සහ රූපවාහිනිය ලෙස හිරු එෆ්.එම්., හිරු ටී.වී. සම්මාන දිනා ගත්තා.



ඩිජිටල් සංස්කෘතිය, සමාජ මාධ්‍ය සහ තාක්ෂණය සම්බන්ධ පුවත් වාර්තා කරන ලොව විශාලතම පුවත් වෙබ් අඩවිය වන මාෂබල් මගින්  සෑම වසරකම ජුනි 30 වන දා සමාජ මාධ්‍ය දිනය ලෙස සමරනු ලබනවා. මෙවර එහි ප්‍රධාන සැමරුම් 5 අතරට ශ්‍රී ලංකාව ද නම් කෙරුණේ මෙරට විශාල පිරිසක් මේ වන විට සමාජ මාධ්‍ය භාවිත කරන්නන් වීම හේතුවෙන්. ඊයේ (28) කොළඹ දී එටිසලාට් සමාගමේ පූර්ණ බලගැන්වුමෙන් සංවිධාන වූ සමාජ මාධ්‍ය දිනය අවසානයේදී පැවැති සම්මාන උළෙලේදී ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ සම්මාන පිරිනැමුණේ ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය තුළ පවතින ජනප්‍රියතාව පදනම් කර ගනිමින්. එහි ප්‍රධානතම සම්මාන වූ ජනප්‍රියතම පුවත් සපයන්නා, ජනප්‍රියතම ගුවන් විදුලිය මෙන්ම ජනප්‍රියතම රූපවාහිනිය ලෙස හිරු සම්මාන දිනා ගත්තේ  සමාජ මාධ්‍ය දින සම්මාන උළෙලේදී ද මෙරට වැඩිම ශ්‍රාවක ප්‍රේක්ෂක ආකර්ශනය දිනා ගත් මාධ්‍ය ජාලය ලෙස අභිෂේක ලබමින්. අන්තර්ජාලය ඔස්සේ ඡන්ද විමසීමක් පවත්වා මෙහි ජයග්‍රාහකයන් තෝරාගෙන තිබීම ද විශේෂත්වයක්.

මෙරට ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවි රැසක හිමිකාරීත්වය දරණ ආසියානු මාධ්‍ය ජාලයට අනුබද්ධ ලෝටස් ටෙක්නොලජී ආයතනය පවත්වාගෙන යන හිරු ප්‍රවෘත්ති වෙබ් අඩවිය ඇතුළු ආසියානු මාධ්‍ය ජාලයේ වෙබ් අඩවි සියල්ල ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නිරන්තරයෙන් භාවිත කරන බවට මෙමගින් තවදුරටත් තහවුරු වනවා.  

හිරු ටී.වී., හිරු එෆ්.එම්. ලබාගත් මෙම සම්මාන පිටුපස සිටින නියමුවා වන්නේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතායි. ඔහුගේ සංකල්පයක් මත ආරම්භවුණු හිරු ටී වී සහ හිරු එෆ්.එම්. නාලිකා, ඔහුගේ මඟ පෙන්වීම යටතේ මේ වනවිට ශ්‍රී ලංකාවේ මාධ්‍ය කලාව, නව මානයකට යොමුකර අවසන්.



වීඩියෝව පහතින් නරඹන්න













Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,714 Views
6,651 Views
8,049 Views
8,153 Views
649 Views
52,094 Views
Top