Update: හිටපු ජනපතිනි චන්ද්‍රිකා පොල් ගසයි

Saturday, 04 July 2015 - 16:13

Update%3A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%83%E0%B6%BA%E0%B7%92
හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග පසුගිය 29වන දිනට යෙදුණු සිය 70 වන උපන් දිනය සමරමින් හාලාවත මුන්නේශ්වරම පුද බිම වෙත පැමිණ දේවාශීර්වාදය ලබා ගැනිමේ පූජාවනට සහභාගි වූවා. පළමුව ඊශ්වර මහ දේවාලය  ඉදිරි පස ඇති අෂ්ඨ ඵල බෝධිය වැද ආශීර්වාදය ලබා පසුව ඊශ්වර මහා දේවාලයට සහ  මහාභද්‍රකාලි අම්මන් කෝවිලට පැමිණ විශේෂ දේව පූජාවක් පවත්වා තිබේ.

මෙම අවස්ථාවට පුත්තලම දිස්ත්‍රික් හිටපු  පාර්ලිිමෙන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහ විශාල පිරිසක්ද සහභාගී වී ඇත.
 
පැමිණ සිටි බැතිමතුන් 4000කට පමණ හිටපු ජනපතිනිය දිවා ආහාරය පිරිනැමූ බවද අප වාර්තාකරු පවසයි.

පසුව  මහා දේවාලයේ ප්‍රධාන පූජක පත්මනාභ ස්වාමිවරයා තම නිවසේදී   චන්ද්‍රිකා කුමාරණතුංග ඇතුළු  පිරිසට තේපැන් සංග්‍රහයක් පවත්වා තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සන්ධානයෙන් නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංගගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කරනු ලැබුවා. ඇය එහිදී කියා සිටියේ තමන් ඒ පිළිබඳ නොදන්නා බවයි.



කෙසේ වෙතත්, විපක්ෂ නායක කාර්යාලයේ අද (04) පැවති සාකච්ඡාවකින් අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්තගෙන් මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිනිය සිදුකරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් විමසා සිටියා. හිටපු ජනපතිනියට සන්ධානය ගැන ප්‍රකාශ කළ නොහැකි බව ඔහු සඳහන් කළා.











(ඡායාරූප - හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)    



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories