රාජිත, නාවින්න, එම්.කේ.ඩී.එස්., අර්ජුන සහ හිරුණිකාගේ පක්ෂ සාමාජිකත්වය තහනම්

Tuesday, 28 July 2015 - 15:02

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%2C+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%2C+%E0%B6%91%E0%B6%B8%E0%B7%8A.%E0%B6%9A%E0%B7%9A.%E0%B6%A9%E0%B7%93.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%2C+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1+%E0%B7%83%E0%B7%84+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට සහ පක්ෂ විනය නීතිවලට පටහැනිව ක්‍රියාකරමින් මහ මැතිවරණයට ඉදිරිපත්වන අමාත්‍යවරුන් 4 දෙනෙකු ඇතුලූ පස්දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය එහි සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් තහනම් කර තිබෙනවා.

 ඒ අනුව රාජිත සේනාරත්න, එස්.බී. නාවින්න, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන සහ අර්ජුන රණතුංග යන අමාත්‍යවරුන්ගේ මෙන්ම පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ - නිදහස් පක්ෂ සාමාජිකත්වය මෙලෙස තහනම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

ඒ පිළිබඳව ඔවුන් වෙත මේ පිළිබඳව දැනුම්දී ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන්.

පක්ෂයේ නීතිරීතිවලට පටහැනිව මොවුන් ක්‍රියාකිරීම නිසා මෙම තීරණය ගෙන ඇති බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

රාජිත සේනාරත්න අමාත්‍යවරයා  නිදහස් පක්ෂයේ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කළ අතර, එස්.බී. නාවින්න අමාත්‍යවරයා පක්ෂයේ භාණ්ඩාගාරිකවරයායි. එසේම පක්ෂ තහනමට ලක්වූ සියලූදෙනා එහි මධ්‍යම කාරක සභිකයන් වීමද විශේෂත්වයක්.


                           



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories