මහජන සෞඛ්‍ය පරීක්ෂකට පහරදුන් ඇමතිගේ ලේකම්ට ඇප

Wednesday, 29 July 2015 - 17:25

%E0%B6%B8%E0%B7%84%E0%B6%A2%E0%B6%B1+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
එප්පාවල මහජන සෞඛ්‍ය පරීක්ෂක සම්පත් නිශාන්ත දිසානායකට එප්පාවල නගරයේදී පහරදුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අමාත්‍ය දුමින්ද දිසානායකගේ සම්බන්ධීකරණ ලේකම්වරයා අද ඇප මත මුදාහැරුණා. ඒ, සැකකරු තඹුත්තේගම මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පසුගිය 8 වනදා රාත්‍රියේ සිදුවූ මෙම පහරදීමෙන් තුවාල ලැබූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මේ වනවිට තඹුත්තේගම රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින බව පොලීසිය අධිකරණයට දැනුම්දුන්නා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories