දිවිනැගුම අරමුදල් පෙත්සම විභාගයට අවසර

Wednesday, 29 July 2015 - 19:06

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%94%E0%B6%B8+%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB
දිවිනැගුම අරමුදල් අක්‍රමවත්ව භාවිත කරන බවට චෝදනා කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබාදුන්නා. කෙසේ වෙතත් එය පවත්වාගෙන යා හැක්කේ දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරුන් දෙදෙනාට එරෙහිව පමණයි. විෂය භාර අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඇතුලූ අමාත්‍ය මණ්ඩලය වගඋත්තරකරුවන් ලෙස සළකා පෙත්සම ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බව එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබෙනවා. ඒ, දෙපාර්තමේන්තුවේ මූල්‍ය කටයුතුවලට ඔවුන් අදාළ නොවීම හේතුවෙන්. මෙම පෙත්සම ගොනුකර තිබුනේ සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන සහ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමයයි. පෙත්සම නොවැම්බර් 16 වනදා යළි කැඳවීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories