පරිසරය වනසන්න ආරක්ෂකයින් අවසර දෙන හැටි

Friday, 31 July 2015 - 8:34

%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB%E0%B6%BA+%E0%B7%80%E0%B6%B1%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
කල්ආරු ගංගාවෙන් ඉවක් බවක් නොමැතිව වැලි ගොඩ දැමීමෙන් සිදුව ඇති අතිවිශාල පාරිසරික හානිය පිළිබදව හිරු සී.අයි.ඒ. හරහා අප හෙළි කළා.

අනුරාධපුර භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන් නිකුත් කර ඇති වැලි කැණීමේ බලපත්‍ර උපයෝගී කර ගනිමින් සිදුකර ඇති මෙම විනාශයෙන් කල්ආරු පාලම ගිලාබැසීමේ අවදානමක්ද මතුව තිබෙනවා.

මේ ඔබ දකින්නේ පාලමේ පැති බැමි වැලි ගොඩදැමීම හේතුවෙන් විනාශවීමේ දැඩි තර්ජනයකට ලක්ව ඇති අයුරුයි.

සතියේ දින 3 ක් පමණක් වැලි කැණීම සදහා අවසර දී තිබුණද සතියේ දින 7 පුරාම  වන සංරක්ෂණයට අයත් මෙම ඉඩම්වල පැල්පත් තනාගෙන කල්ආරු වැනසීමේ කටයුතු කලක පටන් සිදුකෙරෙමින් පවතිනවා.

අප රහසිගතව මෙම ස්ථානය පරීක්ෂාකරන විට හෙළි වූයේ වැලි ජාවාරම්කරුවන් මෙම ස්ථානයේම ආහාරපාන සකසා ගනිමින් වාඩි  තනාගෙන පදිංචි වී ඇති බවයි.

සිවිල් ආරක්ෂක බලකා, මහවිලච්චිය කඳවුරේ සෙබලුන් අනුරාධපුර පේමඩුවෙන් සිලාවතුර මාර්ගයට  පිවිසෙන රථ වාහනවල සියලු තොරතුරු සටහන් කර ගන්නවා.  

නමුත්, මෙහිදී අප දුටු සුවිශේෂී දර්ශනය වූයේ වැලි පටවා ගෙන අනුරාධපුර දෙසට පැමිණෙන වැලි ටිපර් කිසිදු තොරතුරු ලබා ගැනීමකින් තොරව මෙම ස්ථානයෙන් පිටවී යන ආකාරයයි.

කනගාටුවට කරුණ වන්නේ අපගේ රථවල අංක සටහන් කර ගත්තද වැලි ජාවාරම්කරුවන්ට අංක තහඩු රහිත ලෝඩර් යොදා පරිසරය වැනසීමට ඉඩ දී තිබීමයි.

මෙම ලෝඩර් ගංඉවුරු වනසා කල්ආරුවේ ස්වභාවික ගමන් මාර්ගය මේවන විට මුළුමනින්ම වෙනස් කර අවසන්.
 
මහජන මුදලින් නඩත්තු වෙමින් මෙරට පරිසරය රැකීමේ කාර්යයේ යොදවා ඇති පරිසර බලධාරීන් තවත් කොපමණ කලක් මෙම පරිසර විනාශය සිදු කිරීමට බලපත්‍ර ලබා දෙමින් කල්මරනවාද?

හිරු සී.අයි.ඒ. අවධානයෙන්.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories