අනතුරු 3 කින් 4 ක් මරුට - 8 කට තුවාල

Friday, 31 July 2015 - 13:19

%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+3+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+4+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+-+8+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
අද (31) අලූයම ප්‍රදේශ දෙකකදී සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් හතරදෙනෙකුු මියගොස් 8 දෙනෙකු තුවාල ලැබුවා.

ගාල්ල - මාතර ප්‍රධාන මාර්ගයේ මිරිස්ස - බණ්ඩරමුල්ල ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් අඹුසැමි යුවලක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එම අනතුරෙන් කුඩා දරුවන් දෙදෙනෙකු සහ කාන්තාවක් තුවාල ලබා මාතර මහරෝහලට ඇතුළත් කර ඇති බවයි. ලොරි රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අද අලූයම සිදුවූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වුණේ දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු සහ 32 හැවිරිදි වියේ පසු වූ කාන්තාවක්. අනතුරින් තුවාල ලබා ඇත්තේ මියගිය කාන්තාවගේ නැගණිය සහ ඇගේ දරුවන් දෙදෙනායි.

හලාවත - පුත්තලම මාර්ගයේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව ඉදිරිපිටදී මෝටර් රථයක් සහ බවුසරයක් මුහුණට මුහුණලා ගැටීමෙන් තවත් අනතුරක් සිදුවුණා. එම අනතුරෙන් පුද්ගලයෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලැබූ අතර මියගිය පුද්ගලයා හෝමාගම - දකුණ පිටිපන ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක්. අනතුරින් ඔහුගේ බිරිඳ, 5 හැවිරිදි දියණිය සහ තවත් කාන්තාවක් අනතුරින් තුවාල ලබා හලාවත මහරෝහලට ඇතුළත් කෙරුණා. හෝමාගම ප්‍රදේශයේ සිට රාජාංගනයේ ඥාතියෙකුගේ නිවසකට යමින් සිටියදී අනතුර සිදුව ඇති අතර මෝටර් රථයේ රියදුරුට නින්දයාම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

හුංගම - බටඅත ප්‍රදේශයේදී අනෙක් අනතුර සිදුවුණේ කතරගම වන්දනාවේ යමින් සිටි අවිස්සාවේල්ල ප්‍රදේශයේ පිරිසක් රැගත් වෑන් රථයක් පෙරලී යාමෙන්. එහිදී කාන්තාවක් මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබූ අතර මියගිය කාන්තාව අවිස්සාවේල්ල - මනමේන්ද්‍ර මාවතේ පදිංචිකාරිනියක් බවයි හුංගම පොලිසිය සඳහන් කළේ. රියදුරුට නින්ද යාම නිසා මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියා සිටියා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories