මලයාසියානු යානය අතුරුදන් වීමේ අභිරහස විසඳෙන ලකුණු

Saturday, 01 August 2015 - 13:37

%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BB%E0%B7%84%E0%B7%83+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%99%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
පුද්ගලයන් 239 දෙනෙකු සමඟ පසුගිය වසරේ මාර්තු 8 වනදා අතුරුදන්වූ එම්.එච්. 370 මලයාසියානු ගුවන් යානය පිළිබඳ අභිරහස නුදුරේදීම හෙළිවනු ඇතැයි ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන කණ්ඩායම් ප්‍රකාශ කළා. ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං බලා ගමන් ගනිමින් සිටියදී අතුරුදන් වූ ගුවන් යානය සොයා සිදුකළ මෙහෙයුම්වලින් ඒ පිළිබඳ හෝඩුවාවක් සොයා ගැනීමට හැකිවූයේ නැහැ. එහෙත් යානයේ ගමන් පථයට හාත්පසින්ම වෙනස් ඉන්දීය සාගරයේ බටහිර දෙසින් මැඩගස්කර් දිවයිනට ආසන්නයෙන් එම්.එච්.370 යානයේ විය හැකි බවට සැකකෙරෙන ගුවන් යානා කොටසක් හමුවීමත් සමඟ පරීක්ෂණ කටයුතු නව මඟකට යොමුවී තිබෙනවා. මැඩගස්කරය ආසන්නයේ රීයුනියන් නමැති දිවයිනට ගොඩගැසූ ගුවන් යානා කොටස වැඩිදුර පරීක්ෂණ සඳහා ඊයේ ප්‍රංශය වෙත රැගෙන ගියා.

මේ අතර, එම්.එච් 370 ගුවන් යානය අතුරුදන් වූ දිනවලදීම ඇමෙරිකානු එෆ් බී අයි ඔත්තු සේවාව මගින් සිදුකළ පරීක්ෂණයක තොරතුරු දැන් මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා. එවකට එම වාර්තාව ප්‍රසිද්ධ කිරීම නතර කර තිබූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. එහි දැක්වෙන්නේ ගුවන් යානයේ නියමුවන් දෙදෙනාගෙන් අයෙකු හෝ නියමු කුටියට ඇතුළු වූ කිසියම් පුද්ගලයෙකු හිතමතාම යානයේ ගමන් පථය වෙනස් කර ඇති බවයි. මගී ගුවන් යානය විනාශ කිරීමේ අරමුණින් එය බටහිර දෙසට හරවා ඇති අතර ඉන්ධන අවසන් වීමෙන් ඉන්දීය සාගරයේ දකුණුදිග ප්‍රදේශයට කඩා වැටෙන්නට ඇති බව ඇමෙරිකානු වාර්තාවේ සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories