කසල තේ තොගයක් අම්බලන්ගොඩදී අත්අඩංගුවට

Tuesday, 04 August 2015 - 16:04

%E0%B6%9A%E0%B7%83%E0%B6%BD+%E0%B6%AD%E0%B7%9A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
අම්බලන්ගොඩ - මැදගොඩ ප්‍රදේශයේදී කසල තේ කිලෝග්‍රෑම් 792 ක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සමඟ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඊයේ රාත්‍රියේ සිදුකළ වැටලීමකදියි. අත්අඩංගුවට ගත් සැකකරු අම්බලන්ගොඩ - මැදගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර, පසුව ඔහු පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සැකකරු මේ මස 7 වනදා බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories