පාකිස්ථානයේ හිටපු අගමැති අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු

Thursday, 27 August 2015 - 16:21

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B7%80%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94
පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය යූසුෆ් රාසා ගිලානි අත්අඩංගුවට ගන්නා ලෙස කරච්චි අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා. පාකිස්ථානු රුපියල් මිලියන 500 ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවකටයි ඔහු අත්අඩංගුවට ගැනීමට නියෝග කර ඇත්තේ. එෆ්.අයි.ඒ. හෙවත් පාකිස්ථානු ෆෙඩරල් බුද්ධි ඒජන්සිය විසින් සිදුකළ පරීක්ෂණයෙන් අනතුරුව හිටපු අගමැතිවරයාට එරෙහිව මෙම චෝදනාව ගොනුකර තිබෙනවා. ලබන සැප්තැම්බර් 10 වනදාට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නිකුත් කර ඇති මෙම වරෙන්තුවට අනුව ඔහුට ඇප ලබාදීමට නොහැකි බවයි කරච්චි අධිකරණය නිකුත් කළ නියෝගයේ සඳහන් වන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories