ජීනිවා සමුළුවට පෙර ජගත් මානව හිමිකම් කොමසාරිස් ශ්‍රී ලංකාවට නොඑයි

Friday, 28 August 2015 - 14:01

%E0%B6%A2%E0%B7%93%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%91%E0%B6%BA%E0%B7%92
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන ජිනීවා සැසිවාරයට පෙර ශ්‍රී ලංකාවට පැමිණීමේ සැලැස්මක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකා මහේෂනී කොලොන්නේ හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ ජගත් මානව හිමිකම් මණ්ඩලයේ නව මහකොමසාරිස්වරයාට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස පසුගිය පෙබරවාරියේ ආරාධනයක් කළ බවයි. එය මහකොමසාරිස් සෙයිද් රාද් පිළිගනු ලැබූ නමුදු, දිනයක් ලබාදී නැහැ. එමෙන්ම, මෙරට පැවති මැතිවරණ හේතුවෙන් එම සංචාරය කල් ගිය බවත්, ඇය සඳහන් කළා. එමෙන්ම, ලබන සැප්තැම්බර් 14 වනදා ජිනිවා මානව හිමිකම් සමුළුව ආරම්භ වීමට පෙර මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා දිනයක් යොදා ගෙන නොමැති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශිකාව කියා සිටියේ. ඇය මේ බව සඳහන් කළේ ජගත් මානව හිිමිකම් කොමසාරිස්වරයා මීළඟ ජීනිවා සැසිවාරයට පෙර ශ්‍රී ලංකාවට පැමිණෙන බවට පළ වූ මාධ්‍ය වාර්තා පිළිබඳ සිදුකළ විමසීමකදීයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories