ඔබාමා ඇමරිකාවේ උසම කන්ද නැවත නම් කරයි

Monday, 31 August 2015 - 9:40

%E0%B6%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%8B%E0%B7%83%E0%B6%B8+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ඇමරිකාවේ උසම කන්ද ලෙස සැළකෙන ඇලස්කාවේ පිහිටි අඩි විසිදහස් 320 ක් උසැති හිමෙන් වැසුනු මැකින්ලේ කඳු ශිඛරය, ඩෙනාලි ලෙස නම් කිරීමට ජනාධිපති බැරැක් ඔබාමා තීරණය කර තිබෙනවා. 1896 වසරේ එවකට ඇමරිකානු ජනාධිපතිවරයා වූ විලියම් මැකින්ලේගේ නමින් නම් කෙරුණු කඳු ශිඛරය, ඇලස්කාවේ ස්වදේශික ජනතාව හඳුන්වන්නේ ඩෙනාලි යනුවෙන්. ගල් අඟුරු ආකර සහ ලැව්ගිනි හේතුවෙන් ආක්ටික් හිම දිය කිරීමට දායකවීම නිසා ඇලස්කාව, පසුගිය කාලය තුළ දැඩි මතබේදයකට ලක්වුණා. ජනාධිපති ඔබාමා මේ සතියේ ඇලස්කාවේ සංචාරය කරන අතර එහි අයිස්කඳු නැගීමටද එක්වනු ඇති. මිහිතලය උණුසුම් වීමට ප්‍රතිචාර ලෙස ඇමරිකාවේ ජාතික සංරක්ෂණ ව්‍යාපෘතිය දියත් කිරීමද ඊට සමගාමීව සිදු කෙරෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories