ෆුල්ෆේස් හෙල්මට් තහනමට එරෙහි තහනම යළිත් දීර්ඝ කෙරේ

Tuesday, 01 September 2015 - 13:00

%E0%B7%86%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%9D+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ෆුල්ෆේස් හෙල්මට් නීතිය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගය ඔක්තෝම්බර් මස 13 වන දා දක්වා යළි දීර්ඝ කර තිබෙනවා. මීට පෙර නඩුව කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය ෆුල්ෆේස් හෙල්මට් නීතිය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් හෙට දක්වා අතුරු තහනමක් පනවනු ලැබුවා. ඊට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදියි අභියාචනාධිකරණය යළිත් මෙම අතුරු තහනම් නියෝගය දීර්ඝ කර ඇත්තේ.

ෆුල්ෆේස් හෙල්මට් පැළඳ යතුරුපැදි ධාවනය කළ නොහැකි බවට වන නීතිය පසුගිය අප්‍රේල් මස 2 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණා. එහෙත් ඊට එරෙහිව පුද්ගලයින් දෙදෙනෙකු අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකළේ පසුගිය මාර්තු මස 31 වැනිදායි. ඔවුන් එමඟින් ඉල්ලා සිටියේ ෆුල්ෆේස් හෙල්මට් පැළඳීම තුළින් තමන්ට ආරක්ෂාවක් ලැබෙන අතර, පොලීසිය ෆුල්ෆේස් හෙල්මට් තහනම් කරමින් නීතියක් පැනවීම තුළින්  තමන්ට අසාධාරණයක් සිදුවන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories