සංක්‍රමණිකයින් දහසක් වියානා නුවරට දුම්රියෙන්

Tuesday, 01 September 2015 - 13:08

%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාවේ සිට පැමිණි සංක්‍රමණිකයන් සිය ගණනක් ඊයේ ඔස්ටි‍්‍රයාවේ වියානා අගනුවරට පැමිණියා. ඒ, දිගුවේලාවක් හංගේරියානු දේශසීමාව ආසන්නයේ රදවා තබා ගැනීමෙන් අනතුරුවයි. මෙම සංක්‍රමණිකයන් ඔස්ට්‍රියානු අගනුවරට පැමිණියේ දුම්රියෙන්. ඔවුන් අතුරෙන් බොහොමයක් ජර්මනිය බලා පිටත් වන දුම්රිය වලට ගොඩ වී තිබෙනවා. බටහිර යුරෝපයේ රටවලට පැමිණෙන සංක්‍රමණිකයන් මෙම ගොඩබිම් මාර්ගය යොදා ගන්නා අතර ඔස්ට්‍රියානු දේශසීමාව ආසන්නයේ ලොරි රථයක තිබී සංක්‍රමණිකයින් 71 දෙනෙකුගේ මළ සිරුරු පසුගිය දා හමුවුණා. දැන් වියානා නුවරට පැමිණ ඇති දහසකට අධික සංක්‍රමණිකයන්ට සරණාගතභාවය අයදුම් කරන තුරු සති දෙකක කාලයක් රැදී සිටීමට ඔස්ටි‍්‍රයානු බලධාරීන් අවසර දී තිබෙනවා. ඉරාකයේ සහ සිරියාවේ යුද තත්ත්වයන් හේතුවෙන් යුරෝපයට පැමිණෙන නීතිවිරෝධී සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව පසුගිය කාලය තුළ සීග්‍ර ලෙස ඉහළ ගියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories