මලිත් ජයතිලක ගැන මැතිසබයේදී කතා

Friday, 04 September 2015 - 8:22

%E0%B6%B8%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%AD%E0%B7%92%E0%B6%BD%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%B6%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස නම් කළ මලිත් ජයතිලක විදේශ තානාපති කාර්යාලයක උවමනාවට එම ලැයිස්තුවට නම් කළ අයෙකු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. ඔහු ඊයේ (03) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මේ බව කියා සිටියා.

කෙසේ වෙතත්, ඊට මලිත් ජයතිලක මන්ත්‍රීවරයාද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මෙලෙස අභියෝග කළා. එහිදී ඔහු කියා සිටියේ තමන් විදේශ තානාපති කාර්යාලයත් සමඟ සම්බන්ධතාවයක් පවතීන නම් ඒ පිළිබඳව ඔප්පු කරන ලෙසයි.

ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් විමල් වීරවංශ මන්ත්‍රීවරයාගෙන් මාධ්‍යවේදියෙකු මේ සම්බන්ධයෙන් විමසා සිටියා. ඊට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ එහිදී කියා සිටියේ මලිත් ජයතිලක සිදුකළ ප්‍රකාශයේ දේශපාලන වගකීම ගන්නා බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories