දුම්රිය අනතුරකින් 39කට තුවාල

Friday, 04 September 2015 - 9:43

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+39%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
ඉන්දියාවේ - තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි - එග්මෝර් දුම්රිය ස්ථානයේ සිට මැංගලෝරය දක්වා ගමන් ගත් සීඝ්‍රගාමී දුම්රියක් අද අලූයම අනතුරකට ලක්වීමෙන් පුද්ගලයන් 39 දෙනෙකු තුවාල ලැබුවා. කුඞ්ඩලෝර් ප්‍රදේශයේදී දුම්රියේ මැදිරි 4 ක් පීලි පැන ඇති අතර, ඒවා ඉවත් කිරීම දැන් සිදුකෙරෙන බව සඳහන්. අනතුර හේතුවෙන් තමිල්නාඩුවේ දකුණු දෙසට චෙන්නායි වෙත ගමන් ගන්නා දුම්රිය වෙනත් මාර්ගවලට යොමුකර තිබෙනවා. තුවාල ලැබූ පුද්ගලයන් වැඩි දෙනෙකු මේ වනවිට ප්‍රතිකාර ලබා රෝහලෙන් නික්ම ගොස් ඇති අතර බරපතල තුවාල ලැබූ තුන්දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories