කරාපිටිය කරච්චලේ ඉවරවෙනකොටම - එන්නතක් විෂවී මියයාමක් ගැන කොක්කක්

Sunday, 04 October 2015 - 9:58

%E0%B6%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B6%BD%E0%B7%9A+%E0%B6%89%E0%B7%80%E0%B6%BB%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B6%B8+-++%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%82%E0%B7%80%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A
කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන්ගේ සහ නිලධාරීන්ගේ නොසැලකිලිමත්කම නිසා එන්නතක් විෂ වී සිය බිරිඳ මියගිය බවට බද්දේගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු චෝදනා කරනවා. මියගොස් ඇත්තේ ගණේගොඩ - අක්මීමන මහා විද්‍යාලයේ 47 හැවිරිදි ගුරුවරියක්. වම් කකුලේ තුවාලයකට ප්‍රතිකාර ලබා ගැනීමට ඇය කරාපිටිය රෝහලේ 59 වාට්ටුවට ඇතුළත් කර තිබුණේ පසුගිය සැප්තැම්බර් 29 වනදායී.

පසුව ඇය සැප්තැම්බර් 30 වනදා කරාපිටිය රෝහලේ 59 වන වාට්ටුවෙන් 09 වන වාට්ටුවට මාරු කර යවා තිබෙනවා. එදින දහවල් ඇයට එන්නතක් ලබාදීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයට පත්වූ බවයි මියගිය කාන්තාවගේ සැමියා සඳහන් කළේ. සවස් වනවිට ඇය හදිසි ප්‍රතිකාර ඒකකය වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව පෙරේදා (02) අලූයම ඇය මියගිය බවයි ඇයගේ සැමියා වැඩිදුරටත් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. ඔහු පවසන්නේ සිය බිරිඳට එන්නතක් ලබාදීමේදී රෝහලේ වෛද්‍යවරුන්ගෙන් සහ කාර්ය මණ්ඩලයෙන් වරදක් සිදුවී ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බැවින් එතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකිරීමට නොහැකි බවයි.
 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories