ජිනීවා යෝජනාව ගැන බියවන්න එපා - සම්බන්ධන්

Sunday, 04 October 2015 - 13:56

%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B7%8F++%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+-+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A
ජිනීවා නුවරදී පසුගියදා සම්මත කෙරුණු ඇමරිකානු යෝජනා පිළිබඳව දෙමළ ජනතාව බියක් ඇති කර නොගත යුතු බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ප්‍රකාශ කළා. විපක්ෂ නායක ධුරයට පත්වීමෙන් පසු පළමු වතාවට නැවත පදිංචි වූ ජනතාවගේ ගැටළු සොයා බැලීම සඳහා ඊයේ යාපනයේ සිදුකළ සංචාරයක් අතරතුර මාධ්‍ය වෙත අදහස්  දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

මේ අතර ජිනීවා මානව හිමිකම් කොමිසමේදී සම්මත වූ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව සම්බන්ධයෙන් තමිල්නාඩුවේ දෙමළ දේශපාලනඥයන් තවදුරටත් අදහස් දැක්වීම සිදුකරනවා. පාටලී මක්කල් පක්ෂ නායක එස්. රාම්දාස් ප්‍රකාශ කළේ මෙම යෝජනාවට සහය දැක්වීමෙන් ඉන්දියාව ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව පාවාදී ඇති බවයි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ යුද්ධය පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් කරා යෝජනාව රැගෙන යාමට ඉන්දියාව අපොහොසත් වූ බවටයි ඔහු චෝදනා කළේ. යෝජනාව මගින් දේශීය පරීක්ෂණයක් සඳහා ඉඩ සළසා ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ දේශීය යාන්ත්‍රණය යටතේ වුවද පිහිටුවන අධිකරණ සඳහා දෙමළ ජාතික විනිසුරුවන් සහ නීතිවේදීන් පත් කල යුතු බවයි. එමෙන්ම අධිකරණ ක්‍රියාවලිය සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය සහ විදේශීය විනිසුරුවන් සහභාගි විය යුතු බවත් ඔවුන් අපක්ෂපාතීව සහ ස්වාධීනව කටයුතු කළ යුතු බවත් ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් ඞී රාජා සඳහන් කළා.  කෙසේ නමුත් ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට තමිල්නාඩු ප්‍රාන්ත සභාව සම්මත කරගත් යෝජනාව නරේන්ද්‍ර මෝදිගේ ඉන්දීය මධ්‍යම රජය නොසලකා හැර ඇති බවට ඔහු චෝදනා කරනවා.

මේ අතර මෙරට යුද අපරාධ පරික්ෂණයක් සඳහා විදේශීය විනිසුරුවන්ගේ සහභාගිත්වයට විරෝධය පළකරමින් ආර්යයන්ගේ එකමුතුව භික්ෂු සංවිධානය පුත්තලම - කල්පිටිය බෝධිය ඉදිරිපිට අද පෙරවරුවේ උපවාසයක් ආරම්භ කළා. මෙම උපවාසයට භික්ෂූන් වහන්සේලා 6 දෙනෙකු සහභාගි වී සිටිනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories